මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..!
මුදල් අමාත්‍යාංශයේ,භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බවයි.
විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව, එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතුයි.
එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වනවා.
මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ/ අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |