උතුරු කොරියාවෙන් ඇමරිකාවට සහ දකුණු කොරියාවට රතු එළියක්...ලක්ෂ 08ක් අලුතින් හමුදාව සන්නද්ධ කරයි..

American Express North Korea South Korea
By Aruna Mar 19, 2023 02:42 AM GMT
Report

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන 'රොඩොං සින්මුන්' පුත්පත ඊයේ (18) වාර්තා කළා.

ඒ අනුව එම පුවත්පත වාර්තා කර ඇත්තේ, ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි.

“හමුදාවට බැඳීමට තරුණ තරුණියන් දක්වන උද්යෝගය අපගේ වටිනා සමාජවාදී රට තුරන් කිරීමට උත්සාහ දරන යුද උන්මාදිකයන් අනුකම්පා විරහිතව අතුගා දැමීමට තරුණ පරම්පරාවේ නොසැලෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක්.

මෙලෙස ජාතික යලි එකමුතු කිරීමේ මහා අරමුණ නොවරදවා ම සාක්ෂාත් කර ගැනීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ උග්‍ර දේශප්‍රේමයේ පැහැදිලි ප්‍රකාශනයක්," බවයි රොඩොං සින්මුන් පුවත්පත වාර්තා කළේ.

දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා "Freedom Shield 23" නම් දින 11ක ඒකාබද්ධ අභ්‍යාස සඳුදා ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා සිය Hwasong-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) දියත් කළේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ උතුරු කොරියාවට එරෙහිව සටන් කිරීමේ ක්‍රම සාකච්ඡා කරන සමුළුවක් සඳහා දකුණු කොරියානු ජනාධිපතිවරයා ටෝකියෝ වෙත පියාසර කිරීමට පැය කිහිපයකට පෙර‍යි.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා යටතේ උතුරේ බැලස්ටික් මිසයිල තහනම් කර ඇති අතර, පසුගිය දා උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම සෝල්, වොෂින්ටන් සහ ටෝකියෝ ආණ්ඩුවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.