කොළඹ ජාතික රෝහලේ 3000කට කෑම නෑ.

Colombo National Hospital Sri Lanka Food Crisis
By Wayomi Jan 05, 2023 06:24 AM GMT
Report

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට ඊයේ (04 ) දහවල් කෑම වේල ලබා දීම පැය 3ක කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුවට හේතු වී ඇත්තේ, රෝහලට ආහාර සැපයීම අඩාල වීම සහ සපයුම්කරුවන් නරක් වූ, පුස් කෑ, ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග යළි හරවා යැවීමයි.

එමෙන්ම ජාතික රෝහලේ නේවාසික රෝගින්ට උදෑසන ආහාරවේල සඳහා ධාන්‍ය වර්ගයක් ලබා දීමට නියමිතව තිබුණද පවතින ආහාර අර්බුදයත් සමඟ ජාතික රෝහලේ උදෑසන ආහාර වේල පරිප්පු සහ බත්වලට පමණක් සීමා වී ඇත.

ඇතැම් රෝගීන්ට ලබා දෙන අධි ප්‍රෝටීන් ආහාර කිසිවක් මේ වනවිට ජාතික රෝහලෙන් ලබා නොදෙන බවද වාර්තා වෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW