පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..සභා ගර්භයේ සිදු වූ දේ මෙන්න.(LIVE/UPDATE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena
By Wayomi Mar 19, 2024 04:12 AM GMT
Report

Update 

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවයක නිරත වුණා.

අද (19) උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයේ විරෝධතාවයක් ආරම්භ කළා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු කළේ, මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල වූ අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමෙන් අනතුරුව විරෝධතාවය නතර කිරීමටයි.

....................................................................................

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය ආරම්භ වෙයි. - (VIDEO)

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (19) කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වන අතර අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

එහි සජීවි දර්ශන පහතින්,