මම රඟපෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම සම්මානයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ, මම ආදරේට ගොඩක් අවංකයි-නිවර්තනා දේවගේ (PHOTOS)

By Sithumi Apr 04, 2023 04:23 PM GMT
Report

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිවර්තනා දේවගේ කියලා කියන්නේ.

ඒ වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂයි. ඉතින් මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2022 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙසින් ඇය සම්මාන ලැබුවේ ‘ලෝකා’ නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වුන ප්‍රසාදිගේ චරිතය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් සම්මානය ඇයට හිමිවෙන්නෙ කියලා වේදිකාව මත ඇයගේ නම කියවෙද්දි ඇයට අදහාගන්නත් බැරි වුණා කියලයි ඇය කියන්නේ. මොකද ඇය හීනෙකින්වත් හිතුවේ නැහැලු ඇයට සම්මානය ලැබෙයි කියලා.

ඉතින් එදා ඇයට ජීවිතේ ලැබුණු ලොකුම සතුටක් එක් වුණු දවසක් කියලත් ඇය කියනවා. ඒ වගේම පුංචි තිරයේ ඇය කරපු පළමු ටෙලි නාට්‍යය තමයි ලෝකා කියලා කියන්නේ. ඉතින් එහි තිර රචකයා වුණේ අකිල සපුමල් මානවඩු. ඒ වගේම ඔහු තමයි ඇයගේ නාට්‍යය ගුරුවරයා.  

GalleryGalleryGalleryGalleryGallery