ආබාධිත නැගණියව තම තරුණ ජීවිතයම කැප කර රැකබලා ගන්නා අයියා - සංවේදී වීඩියෝ සහිතයි (VIDEO)

Sri Lanka
By Sithumi Jan 08, 2023 01:30 PM GMT
Report

ආබාධිත නැගණියක් ව රැක බලා ගනිමින්  ජීවත් වීමට දැඩි වෙහෙසක් දරන සහෝදරයෙකුත් පිළිබඳව සමාජ මාධ්‍ය දැඩිව කතා බහට ලක්වනවා.

මව්පිය සෙනෙසහ පවා අහිමිවී ඇති 22 හැවිරිදි නිශාන් මධුරංග පදිංචිව සිටින්නේ හලාවත කුමාරකට්ටුව, පීරිස් වත්ත ප්‍රදේශයේය. සෞම්‍යා නිශාදි නම් 19 හැවිරිදි එක කුස උපන් සිය නැගණියව රැකබලා ගැනීම වෙනුවෙන් මධුරංග ට අසීමිත වෙහෙසක් දරන්නට සිදුවී තිබෙනවා.

අසල්වැසි නිවසක පදිංචිවී සිටින මවගේ සහෝදරිය නැගණියව රැකබලා ගැනීමට සහාය වන බවත් තමා වඩු කර්මාන්තයේ නිරතවෙමින් ජීවිකාව කරගෙන යන බවත් මධුරංග පවසයි. 

 තමන්ට හැකි අයුරින් නැගණියගේ සියලු අවශ්‍යතා ඉටු කිරීමට තමන් උත්සාහ ගන්නා බවත් නැගණියගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාගැනීම සිය ප්‍රධාන අරමුණක් බවත් ඔහු පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now