“මට අන්සතු ඔබ මියුසික් වීඩියෝව නිසා තමයි මිනිසුන් අතරට යන්න අවස්ථාව ලැබෙන්නේ” නිපුනි පූජිතා (PHOTOS )

By Sithumi Aug 08, 2022 04:57 PM GMT
Report

වර්තමානයේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් ආදරය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිපුනි පූජිතා ගුනවර්ධන කියන්නේ.

කොහොම වෙතත් මෙරට කොයි කා අතරත් කතාබහට ළක්වුණු බොහෝදෙනෙකු ආදරය කළ මියුසික් වීඩියෝවක් වන ‘අන්සතු ඔබ’ මියුසික් වීඩියෝව ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු නිපුනිට ඉහළ ජනතා ආකර්ෂණයක් මෙන්ම ආදරයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෑතකදී ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරුණු ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ සංවර්ධන මිස් එහෙමත් නැතිනම් ගීතානි මිස් ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය රටම හදුනන චරිතයක් බවට පත්වුණා.

ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණය සමගින් සම්බන්ධවෙන ඇයට සරාගෙයි සුදු චූටිගෙයි ආදරය මැදට පැන්නා කියලා ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ චෝදනාවලට පවා ළක්වීමට සිදුවුණා. මේ විදිහට ලාංකීය ප්‍රේක්ෂකයන් අතරට එන ඇගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ අන්සතු ඔබ මියුසික් වීඩියෝවයි. ඉතින් පාසල් යන කාලයේ ඉදන්ම නර්තන ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ඇය පාසලේ නර්තන කණ්ඩායමද නියෝජනය කරනවා.

ඒ ඔස්සේ නිපුනිට නර්තනය තුලින් කරන්න පුලුවන් උපරිම දේ වන පායින්පත් ඇදීමටත් හැකියාව ලැබුණා. කොහොම වෙතත් මේ ජනප්‍රිය චරිතය පහුගිය දවසක කලාවට ආව ගමන ගැන ඇය පුවත් පතකට අදහස් දකවලා තිබුණා. ඒ මෙලෙසයි. ” මම කැලණිය විශ්ව විද්‍යාලයේ රංගනය පිලිබදව බාහිර උපාධියක් හදාරනවා. ඒ අතරෙ තමයි වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම 2015දී වෙළද දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා.

ඒ වගේම 2018 වර්ෂයේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවයි. මට අන්සතු ඔබ මියුසික් වීඩියෝව නිසා තමයි මිනිසුන් අතරට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ හරහා තමයි නාඩගම්කාරයන්ට සම්බන්ධ වෙන්නේ. ‘’ මේ විදිහට තමයි පහුගිය දවසක නිපුනි පූජිතා ගුනවර්ධන කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ

. ඉතින් එලෙස අදහස් දක්වන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ඇයට හැකිවේවා කියල අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery