"..තව කෙනෙක්ට මගේ දුවට තාත්තා කෙනෙක් වෙන්න බෑ..දෙවෙනි විවාහයකට නම් ජීවිතේට යන්නෙ නෑ.." - රංගන ශිල්පීනී නිලන්ති ඩයස්..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Jan 01, 2023 11:48 AM GMT
Report

ශ්‍රී ලාංකීය රිදී තිරයෙන් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රංගන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියන්නේ. ඒ වගේම ඇය දැන් අම්මා කෙනෙක්.

ඇය යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇගේ විවාහ ජීවිතය සහ ඇගේ දරුවා ගැන සඳහන් කළා..

අම්මා කෙනෙක් දෙවැනි විවාහයකට යන එක ගැන ? 

අනිවාර්‍යෙන්ම අසරණ වෙනවා. වගකීම ගොඩක් වෙලාවට අම්මට තමයි තියෙන්නෙ. මම ඒ ගැන හිතන්නවත් කැමැති නෑ. ඕක බලපාන්නේ ගොඩක් ළමයට තමයි. තාත්තා කියන කෙනා එක්කෙනයි. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන් වෙන්න කියලා මම කියන් නෑ.

මම නම් කියන්නෙ එපා කියලයි. ආදරෙ තියෙන තැනා කැපකිරීමක් කරන්න ඕන. කාලයක් ගියාම ඒ දේ වෙනස් වෙන්න පුලුවන්. ඒකට ඉවසීම අනිවාර්‍යෙන්ම ඕනේ. ඊටපස්සෙ අපිට හොඳ කාලයක් එන්න පුලුවන්.. ඒ මොන දේ වුණත් බෙරේ බැඳගත්ත නම් කෝමහරි ගහගෙන යන්න ඕන.

අද වෙද්දි ලංකාවේ ඩිවෝස් වැඩි ඇයි ?

ඒ මම හිතන්නේ තේරුම් ගන්නෙ නැතිවීම තමා හේතුව. අපි පොඩ්ඩක් නැවෙන්න ඕන සමහාර ප්‍රශ්න වලදි.. ඉතින් මම නම් කැමති නෑ කවුරුත් ඩිවෝස් වෙනවට...

බැරි වෙලාවත් දෙවැනි විවාහයකට යන්න වුණොත් ඔබට ?

දෙවනි විවාහයකට නම් යන් නෑ ජීවිතේදී. අපේ හිත තමයි හැමදෙයක්ම. ළමයා ගැන හිතලා උනත් මට ඒ ගැන හිතන්න අමාරුයි.. තව කෙනෙක්ට මගේ දුවට තාත්තා කෙනෙක් වෙන්න බෑ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery