මීලග ජනපති අපේක්ෂකයා ගැන ඉඟියක්..

Akila Viraj Kariyawasam Ranil Wickremesinghe Sri Lanka
By Sithumi May 01, 2023 04:19 PM GMT
Report

අද (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය අමතමින්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවයි.

මෙවර එම මැයි දින රැලියේ තේමාව වූයේ " 2048 ජයගමු " යන්නය. එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැලිය ඇමතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මෙම වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බවය.

එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් රැසක් රැලිය අමතමින් සිය අදහස් ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා,

"අද පංච මහා ශෝකයක් ඇති වෙලා තියෙනවා විපක්ෂයට. පෝලිම් නැතිවීමේ ශෝකය, විදුලිය නොකැපීමේ ශෝකය, පෙට්‍රල් සහ ගෑස් මිල අඩුවීමේ ශෝකය , පෝලිම් නැතිවීමේ ශෝකය IMF ලැබීමේ ශෝකය. විපක්ෂය මේ තුළ පසුගිය කාලයේ දේශපාලනය කළේ. රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා තනි පුද්ගලයෙක් ලෙස ප්‍රධාන හතුරු පොදුජන පෙරමුණ දිනාගෙන ප්‍රශ්නවලට විසදුම් ගේන්න පුළුවන් වුණා."

"ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ අවුරුදු 70 න් පස්සේ දෙවරක් දිනුවා. මම අනාවැකියක් කියන්නම් රනිල් මහත්තයත් 70 පැන්නට පස්සේ ජනාධිපති වුණා. දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරලා තමයි අවසන් කරන්නේ."  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now