විවාහ මංගල උත්සව වලදී පැළඳීමට අලුත් ඇඳුමක්..පොලීසිය වැඩේ භාරගනී..

Sri Lanka Police Sri Lanka Wedding
By Aruna May 14, 2023 04:05 AM GMT
Report

කණිෂ්ඨ පොලිස් නිලධාරී ශ්‍රේණි සඳහා ද විවාහ මංගල උත්සවයට පැළඳීමට උත්සව නිල ඇඳුමක් නිර්මාණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

මෙතෙක් විවාහ නිල ඇඳුමක් සකස් කර තිබුණේ, පොලිස් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පමණක් වීම විශේෂයි.

ඒ අනුව, කනිෂ්ඨ පොලිස් නිලධාරී ශ්‍රේණි සඳහා විවාහ මංගල උත්සවයට පැළදීමට සුදුසු නිල ඇඳුමක් නිර්මාණය කිරීමට පත් කර ඇති කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නිල ඇඳුමක ආකෘතියක් ඉදිරිපත් කරන ලෙස පොලිස් සුබසාධක කොට්ඨාසය, පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now