නව ජාතික වාර්ථා 3ක් බිහිවෙයි.

Sri Lanka Army Sri Lanka
By Sithumi Mar 30, 2023 01:02 PM GMT
Report

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා ශුරතාවලියේදී නව ජාතික වාර්ථා 3ක් බිහිකර තිබේ.

ඒ අනුව, මීටර් 10,000 කාන්තා ඇවිදිමේ තරගය ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් මදිරිකා විසින් විනාඩි 49 තප්පර 25 දශම 97ක නිමි කාලයක් වාර්තා කරමින් එහි ජාතික වාර්ථාව තමන් සතු කර ගත්තාය.

එම තරගයේ පිරිමි අංශයේ ජාතික වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විසින් විනාඩි 45 තප්පර 12 දශම 22ක නිමි කාලයක් වාර්තා කරමින් තමන් සතු කරගත්තේය.

රිටි පැනීමේ පිරිමි ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්‍රල් ජනිත් විසින් මීටර් 5 දශම 16ක උසක් සටහන් කරමින් එහි නව ජාතික වාර්තාව පිහිටුවීය. 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා ශුරතාවලිය ඊයේ (29) දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී ආරම්භ කෙරුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now