Online භාණ්ඩ අලෙවි කරන අයට අලුත් නීති ගැසට් කෙරේ.

Asian Mirror Sri Lanka Sri Lanka Government Gazette New Gazette Businessman
By Wayomi May 19, 2023 10:54 AM GMT
Report

ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයට අනුව අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.

එමෙන්ම භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති මිලම බවට සහතික කළ යුතු වෙනවා.

මේ අතර ඇණවුම් තහවුරු කිරීම, ප්‍රවාහනය සහ සැපයුම් සංවිධානය කිරීම මෙන්ම, ඇණවුම් අවලංගු කිරීමේ අයිතිය ද මෙම ගැසට් නිවේදනය හරහා නියාමනය කර තිබීම විශේෂත්වයක්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW