ගොවීන් සිව්දෙනකුගෙන් සුපිරි වාර්තාවක්..!

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Apr 09, 2023 12:47 PM GMT
Report

කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, බතලගොඩ වී පර්යේෂණායතනය විසින් විශේෂ වාර්තාවක් සපයමින් අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙකු පසුගිය මහ කන්නයේ අක්කරයකට මෙතෙක් ලැබූ ඉහළම වී අස්වැන්න වාර්තා කර ඇති බව සඳහන් කළා.

එනම් ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර තවත් එක් ගොවියෙක් අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර ඇති බව සඳහන්.

එලෙසින් ම මෙහි විශේෂත්වය වන්නේ, මෙම ගොවීන් සියලුදෙනා වගා කර ඇත්තේ අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන At 362 නැමැති වී ප්‍රභේදයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් විසින් යොදා ඇති අතර ඊට අමතරව පිළිස්සු පිදුරු, දහයියා අළු සහ බන්ඩි පොහොර යෙදීම ද සිදු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙරටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now