ජනපති විසින් මීට සුළු මොහොතකට පෙර නව ආණ්ඩුකාරවරු පත් කරයි.(PHOTOS)

Lakshman Yapa Abeywardena Ranil Wickremesinghe
By Aruna May 17, 2023 06:20 AM GMT
Report

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේදී, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කෙරුණා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පත්වීම් ලබාගනු ලැබුවේ, හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.

උතුර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්වීම් ලිපිය ලබාගත් අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතායි.

පලාත් 03 හි හිටපු ආණ්කාරවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසු ගියදා ඉවත් කරනු ලැබීමන් පසුවයි අද දිනයේ මෙම නව පත්වීම් සිදු කරනු ලැබුවේ.

මීට අදාල මාධ්‍ය නිවේදනය සහ ඡායාරූප පහතින්,

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery