නව අගමැති නම් කෙරේ..? දිවුරුම් දීමට සැරසේ..
Dinesh Gunawardena
Ranil Wickremesinghe
Prime minister
Sri Lanka
By Sithumi
වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) සිදු කෙරෙනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට එය සිදු කෙරෙන්නේ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.
නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා. එමෙන්ම සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා. ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |