අගමැති ධූරය කාටද..? නව අගමැති ගැන ජනපති ගත් තීරණය..(VIDEO)

Manusha Nanayakkara Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 20, 2022 06:25 PM GMT
Report

සියලු පක්ෂ එක්ව සාකච්ඡා කර අගමැතිවරයා විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පක්ෂවලට දැනුම්දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට පිටතට පැමිණ මාධ්‍යවේදීන් හමුවේ මන්ත්‍රීවරයා මේබව කියා සිටියා.

“අද රටේ ජයග්‍රහණයක් තමයි ලබාගත්තේ. අගමැතිධූරය සදහා සියලු පක්ෂ එකට එකතු වෙලා සාකච්ඡා කරලා අගමැතිවරයා විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පක්ෂවලට දැනුම්දී තිබෙනවා. එහෙම නැතිව ජනාධිපතිවරයාගේ තනි කැමැත්කට අගමැතිවරයෙක් නම් කරලා, ඔහු පත් කිරීමට සූදානමක් නෑ.

සියලු දෙනාගේම එකඟතාවයෙන් තමයි අගමැතිවරයා පත් කරන්නේ. පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයට, අනුර කුමාර දිසානායක මහත්තයලටත් අපි ආරාධනා කරනවා. හැමෝම එකතුවෙලා සාකච්ඡා කරලා අගමැතිධූරයට නමක් යෝජනා කරන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ වෙලාවේ අපි හැමෝගේම අවශ්‍යතාවය වෙන්නේ රටට යහපතක් කිරීමයි. රටට යහපතක් කිරීම වෙනුවෙන් සියලු දෙනාම අපි එකතු කරගන්නවා. අපි රට වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. අපේ ගෙවල් ගිනි තියාවි, ගහවි කියලා කියද්දී තමයි අපි මේ තීරණ ගත්තේ.

අරගලය වෙනුවෙන් කතා කරලා එළියට එද්දී අපිට ගහන්න හැදුවා. එහෙම තිබියදී අපි කටයුතු කළේ රට වෙනුවෙන් අපිට පැවරී තිබෙන වගකීම ඉටු කරන්නයි. එහෙම නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට වරප්‍රසාද අරගෙන කාලය කා දැමීමට අපිට අවශ්‍ය නෑ. රටේ මිනිස්සු වෙනුවෙන් අපේ යුතුකම තමයි අපි ඉටු කළේ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now