ප්‍රථම වරට ඉන්දියාවේ ජනපති ධූරය ගෝත්‍රික කාන්තාවක් අත්පත් කරගනියි..!

India
By Sithumi Jul 21, 2022 02:47 PM GMT
Report

ඉන්දියාවේ 15 වැනි ජනාndaධිපතිවරයා ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA අපේක්ෂිකාවක වන ද්‍රෞපදි මුර්මු තේරී පත්ව තිබෙනවා.

ඒ ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජය කරමින්. ඇය ඉතිහාසයට එක්වන්නේ  ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික කාන්තා ජනාධිපතිවරිය ලෙසටයි.

මේ අතර පරාජයට පත් වූ යෂ්වන්ත් සිංහා නිවේදනයක් නිකුත් කරමින් ඡන්දය ලබාදුන් පාක්ෂිකයන්ට සිය ස්තූතිය පළකර තිබෙනවා.

ඔහු ප්‍රකාශකර ඇත්තේ මෙවර මැතිවරණයේදී තමා ජනපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම පිළිබඳ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට අවංකවම ස්තූතිවන්ත වන බවයි. එමෙන්ම තමාට ඡන්දය ලබාදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now