36 වන නව පොලිස්පති වැඩ භාරගනී.
Sri Lanka Police
Deshabandu Tennakoon
By Wayomi
දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ඒ, අනුව මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කරනු ලැබුවා. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළා.
ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබූ අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ දේශබන්දු තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇත්තේ 1998 වසරේ පෙබරවාරි 23 වැනිදායි.