කුලියට සිටින සහ ඉඩමක් නැති අයට ස්ථිර නිවාස - අලුත්ම වැඩේ මෙන්න..
නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති, කුළී පදනම මත ජීවත්වන පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් “සොඳුරු මහල් නිවාස” නමින් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද මෙම යෝජනාවට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙනවා.
සැබෑ නිවාස අවශ්‍යතාවක් ඇති අඩු මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් “සොඳුරු මහල් නිවාස” නමින් නිවාස වැඩසටහනක් සැළසුම් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින්.
මෙම වැඩසටහන යටතේ තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 500,000/- ක මූලික මුදලක් ගෙවීමට හැකියාව තිබිය යුතු අතර, නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කරනු ඇති.
අවශ්‍යතාව පරිදි බැංකු මඟින් ණය මුදලක් ලබා ගැනීමට ද තෝරගනු ලබන ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දෙනු ලබනවා.
ඒ අනුව, එම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රන්පොකුණගම පිහිටි ඉඩම් කොටසක නිවාස 72ක් ඉදි කිරීමටත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |