පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට නව මාර්ගෝපදේශ මාලවක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන පරිදි, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් නිරෝධායනය නොවී තම රාජකාරි කටයුතුවල නිරත වියහැකි බවය.
එසේ වුවත් එම පුද්ගලයා තමාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් වහාම රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.
එමෙන්ම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදයට අදාළ සංශෝධන කිහිපයක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබේ.
මේ අතර ජනවාරි 29යෙන් ආරම්භ වන සතිය තුළ බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩපිළිවෙල පරිසමාප්තියට ලක්කරන බව ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මේ අතර ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට පැය 21ක කාලයක් නොනැසී ශරීරය මතුපිට සම මත පැවතිය හැකි බව නවතම පර්යේෂණයකින් සොයගෙන තිබේ.
ජපානයේ කියොතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයෙන් හඳුනාගෙන ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික් මතුපිටක් මත දින 8ක් පැවතීමේ හැකියාව ඇති බවය.
පළමු කොවිඩ් ප්‍රභේදයට සම මත නොනැසී රැඳී සිටීමට හැකියාව පැවතියේ පැය 8ක කාලයක් පමණි. වූහාන්හි මුල් කොවිඩ් ප්‍රභේදයට පැය 56ක කාලයක් ප්ලාස්ටික් මතුපිටක නොනැසී පැවතීමට හැකිවූ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදයට එසේ රැඳීසිටිය හැකි කාලය පැය 193.5ක් බව එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් දෑත් සේදීම සහ විෂබීජ නාශක භාවිතය වැනි පුරුදු අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කමද එම පර්යේෂකයින් අවධාරණය කර ඇත.
මේ අතර ඔමික්‍රෝන් නව ප්‍රභේදය ආසාදනය වී සුවය ලැබූවන් තුළ ප්‍රබල ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව ඉන්දියානු වෛද්‍ය විද්‍යා කවුන්සිලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ ඉන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පවා මර්දනය වන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

