ජනපතිගෙන් නව මැතිවරණ ක්‍රමයක්..
ජනපතිගෙන් නව මැතිවරණ ක්‍රමයක්.. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ, මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බවයි.
රජයේ ඉදිරි සැලසුම් සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා කමිටු ගණනාවක් පත්කර ඇති බව මෙහිදී ඔවුන් යොමුකළ පැනවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සදහන් කළා.
අයවැය විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව වැනි බොහෝ කමිටු ඇති අතර එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අසාමාන්‍ය ආර්ථික තත්ත්වයක පවතින බැවින් ඉන් ගොඩ ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. විදුලි බිල ඉහළ දැමීම වැනි වෙනත් ක්‍ෂේත්‍රවලින් යම් යම් වියදම් කපා හැරීමට සහ මුදල් සොයා ගැනීමට රජයට සිදු වූ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය පහසු කාර්යයක් නොවන නමුත් කවුරුන් හෝ විසින් එය කළ යුතු බව පෙන්වා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |