රජය හදිසියේම ගත් අලුත්ම තීරණය මෙන්න..

health sri lanka Sri lanka vaccsination
By Sithumi Jan 27, 2022 11:41 AM GMT
Report

ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන්ද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැහැදිලි කළේය.

"ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත අපේ රටේ බහුතරයකට බූස්ටර් එන්නත ලබාදීලා මේ එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව." "පළමු සහ දෙවන එන්නත ලබාගැනීමට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් තිබෙනවා.

ඒකට ප්‍රධාන හේතුව විවිධ පුද්ගලයින්ගේ කඩාකප්පල්කාරී වැඩ. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර දියත් කෙරෙනවා. විවිධ අතුරු ආබාධ එනවයි කියලා. ඒවා කිසිවක් මේ වනතෙක් තහවුරු වෙලා නෑ." "ඒ අනුව ලබන සෙනසුරාදා සිට සතියක් බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

ඒ සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා." "ඊයේ වෙනකොට මිලියන 5ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා. ජනවාරි 29 වනදාට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වෙනවා." 

 කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව අනිසි ලෙස බියවීමට අවශ්‍ය නොවන බවත් එහෙත් සුළුකොට නොතකන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. කොවිඩ් ව්‍යාප්තියත් සමග ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල කිරීමට රජයට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු පැවසීය. ඒ හේතුවෙන් දැනට පවතින එකම විසඳුම වන එන්නත්කරණය සම්පූර්ණ කරගන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now