පාසල් දරුවන්ගේ එන්නත්කරණය ගැන තවත් සුවිශේෂී තීරණයක්

Vaccination Covid19 hemantha herath delta variant omicron
By Sewvandhi Jan 07, 2022 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා මේ වන විට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාසල් දරුවන් ට දෙවැනි එන්නත ලබාදීම නොබෝ දිනකින් ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති, මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා, 

"මෙහිදී තියෙන වැදගත්ම දේ තමා කොරෝනා රෝගය, ළමුන් අතර පැතිරීම, අවම වුණත් ළමා මරණ සමහර අවස්ථාවලදී වාර්තා වෙලා තියෙනවා. බහුල වශයෙන්ම ළමා මරණ වාර්තා වෙලා තියෙන්නේ, සංකූලතා ඇති අයට. එහෙම නැති අය අතරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා මෙවැනි රිස්ක් එකක් ලබාගන්නේ නැතුව ළමයාව එන්නත් කිරීමෙන් ළමයාගේ ජීවිතය පවා සුරක්ෂිත කර ගැනීමට හැකියාව තියෙනවා. ඒක තමා යුරෝපයේ සහ අනෙක් රටවල මේ අවස්ථාවේ දී සිදුවෙමින් තියෙන්නේ. මේ කාරණා සියල්ල සැලකිල්ලට අරන් තමා අපි විද්වත් සංගමයක් ලෙස එන්නත නිර්දේශ කළේ.

මෙහිදී ඒමට තියෙන සංකූලතාවලට වඩා ගැඹුරු ගැටලුවක් තියෙනවා කොවිඩ් රෝගය හැඳුනොත් එයින් ළමයාට ඇති වෙන සංකූලතා ඉතා ගැඹුරුයි.

"ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව බුද්ධිමත් ලෙස මේ ගැන නිවැරදි තුලනාත්මක විග්‍රහයකට ඇවිල්ලා, එන්නත්කරණයට ළමුන් සහ සියලුදෙනාම යොමු වෙයි කියලා. දැනට ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අපිට තියෙනවා.

ඒ වෙනුවෙන් ක්‍රමවේදය සුදානම්. සංකූලතා ගෙදර ගියාට පසුව ඇති වුවහොත් අපි ලබාදීලා තියෙන දුරකථන අංකයට අමතා ඒ පිළිබඳ උපදෙස් ලබාගන්න පුළුවන්. ළමා රෝහල ලෙස අපි සුදානම් එන ඕනෑම සංකූලතාවයක් කළමනාකරණය කරන්න.

මෙහිදී වසංගත රෝග විද්‍යා ඒකකය සතුව අවශ්‍ය ප්‍රමාණයට එන්නත් මේ අවස්ථාවේ දී තියෙනවා. අපි වයස 16 - 19ත් අතර අයට දෙවැනි මාත්‍රාව ලබාදීමට අනුමැතිය ලැබිලා තියෙනවා. එය නොබෝ දිනකින් පටන් ගන්නවා.

ඔබලාගෙන් ඉල්ලා සිටිනවා එන්නත් ලබාගැනීමට උත්සුක වෙන්න කියලා. අවම වශයෙන් වයස 12න් ඉහළට පාසල් අධ්‍යාපනය බොහෝදුරට සුරක්ෂිත කරලා ළමුන්ට ඉගෙන ගැනීමට වටපිටාවක් හදාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now