බස් රියදුරන් ගැන ගත් අලුත්ම තීරණය..

Sri Lanka Police Sri Lanka Police Investigation Transport Fares In Sri Lanka Srilanka Bus
By Sewvandhi Mar 16, 2024 12:11 PM GMT
Report

පොලීසිය අද (16) බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබුණි.

එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් සිදුකර ඇත්තේ, කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතවය.මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

වේල්ලවීදිය පොලිසිය පවසන්නේ, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ජංගම දුරකථනයට ගැණුම්කරුවන් විශාල පිරිසකගෙන් ඇමතුම් ලැබුණු බවයි.එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයන්ව හඳුනාගෙන ඇත.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් අදාළ මත්ද්‍රව්‍ය අලෙවිකරු සමග ගොස් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරුන් හා කොන්දොස්තරවරුන් දිනකට රුපියල් 1,200 සිට රුපියල් 2,400 දක්වා මුදල්වලට මෙම මත්ද්‍රව්‍ය රැගෙන පාවිච්චි කිරීමට පුරුදුවී සිටින බවද මෙහිදී හෙළිවී තිබේ.