කොරෝනා තුරන් කරන්න නවතම එන්නතක්..මේ එන්නත විදපු අයට විශේෂයි..
ඔමික්‍රොන් මර්දනයට වෙනම එන්නතක් ඔමික්‍රොන් ප්‍රභේදය වෙනුවෙන් නව බූස්ටර් එන්නතක් සාර්ථක මට්ටමින් අත්හදා බලමින් සිටින බව මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම පවසනවා.
මේ වන විටත් පුද්ගලයින් 600කට පමණ මෙම බූස්ටර් එන්නත ලබාදෙමින් සායනික පරීක්ෂාවන් සිදු කර ඇති අතර ඉන් 300 දෙනෙකුම පළමු සහ දෙවන එන්නත් ලෙස මොඩර්නා එන්නතම ලබා ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මොර්ඩනා සමාගම පෙන්වා දෙන්නේ, බූස්ටර් එන්නතක ප්‍රතිශක්තිය වුව ද මාස 6ක පමණ කාලසීමාවක දී සැලකිය යුතු මට්ටමකින් අවම වන බවයි.
ඊට පිළියමක් සිය නව එන්නත මඟින් අපේක්ෂා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.
මේ අතර වයස අවුරුදු 18 ට වැඩි සියලුම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට සිව්වන COVID19 එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය රජය විසින් නිවේදනය කර තිබෙනවා.
එහි ජනගහනය සඳහා මහා පරිමාණ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාපාර දියත් කළ පළමු රටවල් අතරට ඊශ්‍රායලය ද පත්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |