ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක අනතුරු ඇඟවීමක් - නව ප්‍රභේදය සීඝ්‍ර පැතිරයාමක්..දැනට රටවල් 110ක් බිලිවෙයි..!
COVID-19
COVID-19 Vaccine
World Health Organization
By Sewvandhi
BA.4 සහ BA.5 කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ලොව රටවල් 110 ක මෙම වෛරස් ප්‍රභේද ය ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි.
මෙතෙක් ලොව පුරා ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේදයන්ට වඩා ප්‍රබල සහ වේගවත් පැතිර යාමක් පෙන්නුම් කරන BA.4 සහ BA.5 වෛරස් ප්‍රභේදය ඉදිරියේ දී ලෝක සෞඛ්‍යයට ඉතා බරපතළ තත්ත්වයක් ඇති කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මෙම වෛරස් ප්‍රභේදය පැතිර ගියහොත් ඒ හරහා සමස්ත ගෝලීය රෝගීන්ගෙ 20% ක පමණ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එමෙන්ම මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කලාප හයෙන් තුනක මෙම වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |