වහාම ක්‍රියාත්මක වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි..

sri lanka Covid 19 guide lines
By Sithumi Jan 27, 2022 11:04 AM GMT
Report

කොවිඩ් 19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද නිකුත් කළා. මෙම නව මාර්ගෝපදේශ අනුව ගතවූ මාස 6ක කාලය තුල කොවිඩ් මර්දන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් ඇතුලු සැම සලකනු ලබන්නේ සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙසටයි.

එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල හරහා සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණයේදී සී ටී අගය 30ට අඩු පරීක්ෂණ වාර්තා හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපලින් බැහැරට යාහැකි වනවා. ඔවුන් එලෙස ගුවන්තොටුපලින් නිදහස් කරනුයේ අදාළ ගමනාන්තයේ නිවෙස් නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇත්නම් පමණයි

. මීට අමතරව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙමව්පියන් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු දරුවන් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂණවලින් මුදාහැර ඇති අතර වයස අවුරුදු 12ත් 18ත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන් ද සිය දෙමව්පියන් සමග බැහැරට යාමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 අධි අවදානම් රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා සිදු කෙරෙන නිරෝධායන කටයුතු පිළිබඳව ඔවුන්ගේ වාර්තා අනුව තීරණය කෙරෙන බවයි මෙම නව යාවත්කාලීන කිරීමේ දැක්වෙන්නේ. ඒ අනුව ඇතැම්විට ඔවුන්ගේ නිරෝධායන කාලසීමාවන් දින 7 සිට 14 දක්වා වෙනස්විය හැකි බවත් මෙහි දක්වා තිබෙනවා. සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව මෙතැනින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery