නව කැබිනට් සංශෝධයට පොහොට්ටු-ටෙලිෆෝනය අතර සීතල යුද්ධයක්..යෝජිත නම් ලැයිස්තුවක් මෙන්න..

Sri Lanka Cabinet Sri Lanka Podujana Peramuna Samagi Jana Balawegaya
By Aruna Apr 09, 2023 05:16 AM GMT
Report

ඉදිරියේදී සිදුවන බව පැවසෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍යධූර ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය මන්ත්‍රීවරු අතර තරඟකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කැබිනට් මණ්ඩලයට තිස් දෙනකු(30) පත්කිරීමට ව්‍යවස්ථානුකූලව ඉඩ ඇතත් දැනට පත්කර ඇත්තේ විසි දෙනෙක් පමණි.

ඒ අනුව ඉදිරි කැබිනට් සංශෝධනයකදී නව අමාත්‍යවරුන් දස දෙනකු පත් කිරීමට අවස්ථාව ලැබී ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනටමත් පොදුජන පෙරමුණේ ‍ඇමති ධුර ලබා දිය යුතු මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් අතර,

රෝහිත අබේගුණවර්ධන

ජොන්ස්ටන් ප්‍රනාන්දු

විමලවිර දිසානායක

සී බී රත්නායක

ජනක බණ්ඩාර තෙන්නකෝන්

ඇතුළු පිරිසක් වෙයි.

සමගි ජනබලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකු ආණ්ඩුවට එක්වී අමාත්‍ය ලබාගැනීමට බලාපොරොත්තු වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now