විශේෂිත නව ඖෂධ 3ක් වෙලදපොලට
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් අද(15) රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක් පත් කළ බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
එසේම පවතින ඖෂධ හිඟය සඳහා වන හේතු ගණනාවක් ද අද පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
