හොර රහසේ ගෙනියෑමට සුදානම් කර තිබූ ලක්ෂ ගණනක පෙට්‍රල් තොගයක් හමු වේ..
Sri Lanka
By krishani
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් සහ ලොරි රථ දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 48ත් අතර වයසේ පසුවන අතර ඔවුන් කල්පිටිය, වාරියපොළ සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
නාවික හමුදා භාරයට ගත් පෙට්‍රල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්‍ෂ නවයකට අධික වේ.
එම පෙට්‍රල් තොගය, සැකකරුවන් තිදෙනා සහ ලොරි රථ දෙක ඉදිරි නිතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |