ඉන්දියානු කනිෂ්ඨ විවෘත ස්කොෂ් තරඟාවලියේදී සිව්වෙනි ස්ථානය නෙවිදුට හිමිවෙයි

By Sithumi Feb 25, 2023 12:24 PM GMT
Report

 ඉන්දියානු කනිෂ්ඨ විවෘත ස්කොෂ් (squash) තරඟාවලියේ අවුරුදු 19න් පහළ තරඟයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙවිඳු ලක්මන් සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමඟ ස්කොෂ් (squash) ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 14වන ස්ථානය හිමි වූ තමන්ට ඉදිරියේදී පළමු 5දෙ අතරට යාමට අවස්ථාව හිමිවන බවයි  නෙවිඳු ලක්මන් පැවසුවේ