ක්‍රිකට් පිටියම උඩු යටිකුරු කළ පුදුම හිතෙන හයේ හය.. වාර්තා පොතටත් යයි.. (VIDEO)

Cricket Nepal Nepal National Cricket Team Latest Headlines
By krishani Apr 14, 2024 05:58 PM GMT
Report

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ දී හයේ පහර හයක් එල්ල කළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත් විය.

ක්‍රිකට් පිටියම උඩු යටිකුරු කළ පුදුම හිතෙන හයේ හය.. වාර්තා පොතටත් යයි.. (VIDEO) | Nepalese Cricketer Dipendra Singh

ඔහු මෙම දක්ෂතාවය පෙන් වූයේ ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කටාර් රාජ්‍යට එරෙහිව පැවති තරගයේ දී ය.

ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 ක දී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට ඔහු පත් විය.

වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


එමෙන්ම, ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයක දී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ද වාර්තා පොතට එක්විය.

ක්‍රිකට් පිටියම උඩු යටිකුරු කළ පුදුම හිතෙන හයේ හය.. වාර්තා පොතටත් යයි.. (VIDEO) | Nepalese Cricketer Dipendra Singh

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවි ලකුණු 210ක් රැස් කිරිමට සමත් විය.

එහි අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ දිපේන්ද්‍ර සිං පිට පිට පන්දු 6 ක දී හයේ පහරවල් 6ක් වාර්තා කළේ ය.

එමෙන්ම, දීපේන්ද්‍ර සිං පන්දු 21කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, කටාර් රාජ්‍යට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණක් විය.   

වීඩියෝ දර්ශන - Asian Cricket Council