නෙල්ලිගල දී වන්දනා නඩයක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට.

Accident
By Wayomi Feb 25, 2023 09:45 AM GMT
Report

නෙල්ලිගල විහාරස්ථානය ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 26 දෙනෙකු පේරාදෙණිය රෝහල වෙත යොමු කර තිබෙනවා.

අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කළ තවත් පිරිසක් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.