අමාත්‍යාංශය ලේකම් සමාව ඉල්ලයි..!

Election Commission of Sri Lanka Sri Lanka
By Sewvandhi Jan 13, 2023 03:58 PM GMT
Report

අද (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ, කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස කැඳවා තිබුණි.

එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවය.

මේ අතර සාකච්ඡාවක් සඳහා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ද අද මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now