බස්රථවලට වෙනමම කිව්.ආර්.කේතයක්

Bandula Gunawardane Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Sithumi Aug 08, 2022 12:20 PM GMT
Report

පොදු ප්‍රවාහන සේවයේ නිරත ලංගම සහ පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන ලබාගැනීමට වෙනමම කිව්.ආර් කේතයක් හදුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්්‍ය බන්දුල ගුණවර්ධණ සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊට අදාල සාකච්ජාවක් ද අද පවත්වනු ලැබුවා.

ඒ අනුව ලංගම ඩිපෝ සහ ඉන්ධණ පිරවුම්හල් වෙතින් මෙම නව ක්‍රමවේදය එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කිරීමටයි අපේක්ෂා කර ඇත්තේ. එය ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සදහා අවශ්‍ය ඉන්ධන ලංගම ඩිපෝ මගින් සහ මාකුඹුර , බැස්ටියන් මාවත, ඉන්ධන පිරවුම්හල් මගින් ලබාදීමට තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now