කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා ඉන්ධන ලබා දීමට නවතම ක්‍රමයක්
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Sewvandhi
කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කර තිබේ. ඩිපෝ සහ හමුදා කඳවුරුවල ඉන්ධන ගබඩා මගින් ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන බවද මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
ඒ අනුව මහවැලි කලාපයේ කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |