වාහන ව්‍යාපාරිකයන්ට ජාතික ඉන්ධන බලපත්‍රය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට දැන් ඔවුන්ගේ සියලුම වාහන ඉන්ධන බලපත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකිය.
යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සතිපතා අවශ්‍යතා සමඟ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ යුතුය..
එමෙන්ම,ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල්වලන් අඩක පමණ මේ වන විට ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ ඊයේ (27) දිනය වන විට ඉන්ධන පිරවුම්හල් 481ක මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුවු බවය.
සිපෙට්කෝ පිරවුම්හල් 409ක සහ IOC පිරවුම්හල් 72ක ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සිදුකෙරේ.
ඒ අනුව රථ වාහන 158,208කට ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා රථ වාහන 4,296,950ක් ලියාපදිංචි වී තිබේ.
අගොස්තු මස පළමු වැනි සිට ඉන්ධන අවසර පත්‍රය දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |