නාසා යැවූ චන්ද්‍රිකාවක් කඩා වැටෙයි - එමගින් විය හැකි තත්ත්වය සම්බන්ධයෙන් නාසා ආයතනයෙන් නිවේදනයක්..

NASA
By krishani Jan 09, 2023 04:34 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඇමරිකාවේ නාසා ආයතනයට අයත් අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 04 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චන්ද්‍රිකාව පෘථුවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇත.එය කඩාවැටීමෙන් අනතුරක් සිදුවිය හැකි ඉඩකඩ ඉතා අවම බවත් කිලෝ ග්‍රෑම් 2450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දී ගිනිගෙන දැවී කැබලි වනු ඇති බවත් නාසා ආයතනය නිවේදනය කළේ ය.

මෙලෙස කඩා වැටෙන්නේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකී.

එහි විශේෂත්වය වන්නේ ඇමරිකාව පළමුවරට කාන්තාවක් සමඟ කක්ෂ ගතකිරීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join