G20 සහ G7 ගැන ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Narendra Modi India
By Sewvandhi May 20, 2023 11:07 AM GMT
Report

ජපන් පුවත්පතක් වන Yomiuri Shimbun සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G20 සහ G7 කණ්ඩායම් අතර සහයෝගිතාවයේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

ජපානයේ හිරෝෂිමාවේදී මේ දිනවල පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගොස් සිටින අතරතුරදීයි මෙම අදහස් දක්වා ඇත්තේ.

එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවල් ඇතුළු “ගෝලීය දකුණේ” අභියෝග විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට නායකත්වය දීමට තම කැපවීම අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දේශගුණික විපර්යාස, සැපයුම් දාම කඩාකප්පල් කිරීම්, ආර්ථික සහයෝගිතාව, බලශක්ති අස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, ආහාර සුරක්ෂිතතාව, සාමය සහ ආරක්ෂාව වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා G7 සහ G20 අතර සහයෝගිතාව අත්‍යවශ්‍ය බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී අවධාරණය කර තිබෙනවා.

මෙවර G20 සමුළුවේ සභාපතිත්වය හොබවන්නේ ද ඉන්දියාවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now