ජීවිත හතක් බිලිගත් බස් රථ රියදුරු අත්අඩංගුවට..!
Sri Lanka
Accident
By Sewvandhi
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළා.ඔහු 62 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවය.
අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |