මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
රට තුළ දිගුකාලීන දේශපාලන අස්ථාවරත්වයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවනවා.
"දේශපාලන අස්ථාවරත්වය අප මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ප්‍රමාද කළ හැකිය, ” මහබැංකු අධිපතිවරයා රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.
"අපි ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන වැඩසටහන් සහ ඉන්ධන, ගෑස් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් විසඳීම සඳහා ගන්නා පියවරයන්හි ප්‍රගතියක් ලබා ගැනීමට හැකි ඉක්මනින් ස්ථාවර දේශපාලන පරිපාලනයක් ඇති වනවා නම් මම කැමතියි."
ඔබ දිගට ම මහ බැංකුව මෙහෙයවන්නේ දැයි කළ විමසීමේ දී ඔහු පැවසුවේ, " වසර හයක ධුර කාලයක් සඳහා මා පත් කළ පසු මට වගකීම පැවරී තිබෙනවා." යනුවෙනු යි.
ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඩොලර් බිලියන 1ක මූල්‍ය හුවමාරු පහසුකමක් (ස්වැප් පහසුකමක් ) ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළා.
ඊට අමතර ව ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 500ක අතිරේක ණයක් (ක්‍රෙඩිට් ලයින්) සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද මහ බැංකු අධිපතිවරයා අනාවරණය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |