මහ බැංකු අධිපතිගෙන් සතුටුදායි ආරංචියක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Financial crisis
By Sewvandhi Mar 05, 2023 03:22 PM GMT
Report

 ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වන විට රට තුළ නොමැති බවයි.

එතුමා මේ බව ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු වෙබ් අඩවියේ පළ කර තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ 2021 වසරේ ඉඳලා. අපේ 203යි කියලා ෆික්ස් කරගෙන හිටියා. වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළෙඳාම සිදුවුණේ. බැංකුවේ තියෙන මුදලයි, මුදල් හුවමාරු ආයතනවලින් එන මුදල අතර වෙනසක් නැහැ.

අත්‍යවශ්‍ය දේ සඳහා විදේශ විනිමය හිඟයක් නැහැ. තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සියලුම දේවල් සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සපයන්නේ නැහැ. එය සපයා ගන්නේ බැංකු ක්‍රමය තුළින් ඒකේ සංවිත දැන් මිලියන 600ට විතර වැඩිවෙලා තියෙනවා. ඒක දිගටම වැඩිවෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now