ඩොලර් බිලියන 8-9ක් ඇවිත් රට ගොඩයන කාලවකවානුව ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Mar 26, 2023 12:53 AM GMT
Report

දැනට සිඳී ගොස් ඇති විදේශ සංචිතය ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර පැවැති තත්ත්වයට වසර හතරක් තුළ ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන උදව් වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.

මෙම වසර හතරක වැඩසටහන තුළ ඇමරිකානු ඩොලර් කෝටි 800-900 අතර ප්‍රමාණයකට විදේශ සංචිත ගෙන ඒවට හැකිවණු ඇති බවද හෙතෙම පැවසීය.

එය ශ්‍රී ලංකාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි තත්ත්වයක් වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කරයි.

අයවැය පරතරය පියවීම සඳහා මුදල් සොයා ගැනීමට වාණිජ බැංකු පොලී අනුපාත යටතේ ගෝලීය වෙළඳ පොලෙන් අධික ලෙස ණය ගැනීම පෙර රජයන් සිදුකළ වැරද්දක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ණය ලබාගැනීම ඉතා පරිස්සමින් සිදුකළ යුතු බවත් ලබා ගන්නා ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය උපයාගත හැකි ක්ෂේත්‍ර වල ඒවා නිසි ලෙස ආයෝජනය කළ යුතු බවක් මහ බැංකු අධිපතිවරයා තව දුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.