නායයාම නිසා ප්‍රධාන මාර්ගයක් වස දැමේ..!
Nuwara Eliya
Sri Lanka
Weather
By Sewvandhi
නායයෑමේ අවධානමක් හේතුවෙන් මස්කෙළිය - නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය ලක්ෂපාන සිට නල්ලතන්නිය දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ.
මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී දිය ඇල්ලට ඉහළින් පිහිටි ලක්ෂපාන තේ වතුයායට අයත් කන්දක කොටසක් මීටර් 100ක් පමණ දුරට පුපුරා ගිලා බැසීමේ අවධානම් තත්ත්වයක පවතී. ඒ හේතුවෙන් මාර්ගයේ අදාළ කොටස අද (07) පස්වරු 12.30 සිට තාවකාලිකව වසාදැමීමට පොලීසිය පියවර ගෙන ඇත.
පසුගිය දිනවල මෙම ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ කිහිප වරක්ම නායයෑම් සිදු වු අතර එම මාර්ගයේ රථ වාහන ධාවනය දින කිහිපයක් ඇණ හිට තිබුණි. මෝහිනී ඇල්ල අසල මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන කටයුතුවලදී මෙම කන්ද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කපා ඉවත්කිරීමට කටයුතු කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |