මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ අභිරහස් ඝාතනය.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka
By Wayomi Jan 17, 2023 09:24 AM GMT
Report

 මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා අභිරහස් ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

අත්පය ගැට ගසා තිබූ ඔහුගේ මළ සිරුර අද (17) හමුව ඇත්තේ,ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා උපදේශකවරයෙකුටයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි උපුල් සම්පත් නැමැති හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මේ ආකාරයට ඝාතනය කරන්නට ඇත්තේ කවුරුන් කුමක් සඳහාද යන්න තවම අනාවරණයවී නොමැති අතර අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනු ඇති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery