සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

Police spokesman Sri Lanka Police Kalutara Murder
By Aruna Jun 16, 2024 07:43 AM GMT
Report

සංගීත ප්‍රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති අවාසනාවන්ත පුවතක් කළුතර දකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙයට හේතුවී ඇත්තේ, තරුණියක් සමග තවත්තරුණයෙක් එකට නර්ථනයේ යෙදීමයි.

තරුණිය සමඟ න‍ර්තනයේ යෙදුන තරුණයාගේ ජීවිතයට මෙහෙම ඉරණමක් අත්වේවි කියා ඔහු කවදාවත් නොසිතන්නට ඇත.

තරුණයන් 05ක් ස්පා එකේ තරුණියන් 08 දෙනෙකු කාමරයකට දමාගෙන කරපු දේ මෙන්න...

තරුණයන් 05ක් ස්පා එකේ තරුණියන් 08 දෙනෙකු කාමරයකට දමාගෙන කරපු දේ මෙන්න...


කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්,මෙසේ ඝාතනයට ලක්ව ඇත.

සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS) | Musical Show Young Boy Death

පොලිසිය සඳහන් කළේ, මෙම සංගීත ප්‍රසංගයට පැමිණි තරුණයා, ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම සේවය කරන තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙන බවයි.

අනතුරුව ඇය සමග නර්තනයේ යෙදීම සම්බන්ධයෙන් උරණ වූ සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර ඇත.

කෝලිට පෙම්බැන්ද තරුණිය ලොවම පුදුම කරමින් කරගත් දේ මෙන්න.(PHOTOS)

කෝලිට පෙම්බැන්ද තරුණිය ලොවම පුදුම කරමින් කරගත් දේ මෙන්න.(PHOTOS)


පොලිසිය සඳහන් කළේ, සිදුවීමට සම්බන්ධ සැකකාර සැමියා සමග දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව අදාල තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.