මරණ 5ක් අතරින් මතු වූ ජනප්‍රිය නළුවාගේ මරණය ගැන ආන්දෝලනාත්මක හෙළිදරවුවක්. (VIDEO)
වසර දෙකකට පෙර මහල් නිවාසයකදී ගෙළ වැළලාගෙන මියගිය ප්‍රකට බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සිදුවීම සම්බන්ධයෙන් නව හෙළිදරවුවක් සිදුකර තිබෙනවා.
මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ සිදුකල කාර්ය මණ්ඩලය සේවකයෙකු විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුෂාන්ත් සිං 2020 වසරේ ජුනි මස 14 වැනි දින මුම්බායිහි කුලී පදනම යටතේ රැඳී සිටි මහල් නිවාසයේ දී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වූ අතර මෙම අවාසනාවන්ත සිදුවීමෙන් වසර දෙකක් ගත වුවත් තවමත් මේ පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිකරගැනීමට නොහැකි වුණා..
පළමු වරට සුෂාන්ත්ගේ සිරුර දුටුවිට එය සියදිවි නසාගැනීමක් නොව, ඝාතනයක් බව තමන්ට ඒත්තු ගිය බවත්, ඒ පිළිබඳ ඉහළ නිලධාරින්ට දැනුම් දුන්න ද, ඔවුන් තම මතයට ඇහුම්කන් නොදුන් බවත් රූප්කුමාර් සඳහන් කර තිබෙනවා.
ඔහු ඉන්දීය මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නක්
“සුෂාන්ත් සිං රාජ්පුත් මියගිය දිනයේ, කූපර් රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මළ සිරුරු පහක් පැමිණියා. ඉන් එකක් වී.වී.අයි.පී. අප පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කරන විට, ඒ වී.වී.අයි.පී සුෂාන්ත් බවත්, ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක් තිබූ බවත්, ගෙල ආසන්නයේ තුවාල දෙක තුනක් තිබුනා, පශ්චාත් මරණ පරීක්ෂණය වීඩියෝ ගත කිරීමට අවශ්‍ය වූ නමුත් ඉහළ නිලධාරීන් යෝජනා කළේ ඡායාරූප පමණක් ගන්නා ලෙසයි. ඒ නිසා මම නියෝගය පිළිපැද්දා.
පළමු වතාවට සුෂාන්ත්ගේ මළ සිරුර දුටු විට මම වහාම ඉහළ නිලධාරීන්ට දන්වා සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොව මිනීමැරුමක් බවයි, අපි නීති රීති අනුගමනය කර පියවර ගත යුතු බව මම ඔවුන්ට පැවසුවා. ඒත් පුළුවන් තරම් ඉක්මනට මිනියේ ෆොටෝ අරගෙන පොලිසියට දෙන්න කිව්වා.”
අදාළ වීඩියෝව මෙතැනින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |