කොල්ලකෑම් රැසකට සම්බන්ධ මුරවත්ත කබරයා අත්අඩංගුවට.(CCTV VIDEO)

Sri Lanka Police
By Wayomi May 03, 2023 07:18 AM GMT
Report

ඊයේ (02) සවස සිදුකළ වැටලීමකදී අලුබෝමුල්ල, වාද්දුව, පානදුර උතුර යන්න පොලිස් වසම් තුළ රන් මාල කොල්ලකෑම්වල නිරත වූ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර උතුර පොලිසියේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුරවත්ත පදිංචි මුරවත්ත කබරයා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි පුද්ගලයෙකි.

ස්ථාන කිහිපයක (CCTV) කැමරා නිරීක්ෂණයන් අනතුරුව මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ දෙහිවල ප්‍රදේශයේ අවස්ථා දෙකකදී ත්‍රීවිල් වල කුලී ගමන් යන මුවාවෙන් එම ත්‍රීවිල් රථ වල ගොස් අතරමගදී ත්‍රීවිල් රථ රියදුරුට පහර දී ඔවුන් බිය ගන්වා එම ත්‍රීවිල් රථ පැහැරගෙනවිත් තිබෙනවා.

පසුව ඔවුන් එම ත්‍රීවිල් රථ යොදාගෙන පානදුර උතුර, අලුබෝමුල්ල, වාද්දුව යන ප්‍රදේශවල මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ලකා තිබෙනවා.

මෙසේ කොල්ල කන ලද ලක්ෂ හතරකට ආසන්න වටිනාකම් ඇති රන්මාල තුනක් සොයාගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6ක්ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම රන්මාල කොල්ලකා තිබෙන අතර එම රන්මාල විවිධ පුද්ගලයින්ට අඩු මුදලට අලෙවි කොට ඇති බවත් එම මුදල් වලින් ඔහු හෙරොයින් පානය කර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW