භයානක තත්වයක් එම්පොක්ස් බිය ලෝකය පුරා පතුරවමින්.. රෝගීන් පාකිස්තානයෙන්ත් වාර්තාවෙයි..

Pakistan ‎Monkeypox virus
By Sithumini Aug 17, 2024 01:46 PM GMT
Report

එම්පොසක්ස් යනු මේ දිනවල ලෝකය පුරා පුවත් මවන භයානක වෛරසයක් බවට පත්ව තිබෙනවා.

 එය පසුගියදා අප්‍රිකානු කලාපයෙන් වාර්තා වු අතර මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි පාකිස්තානයද බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් මේ වන විට දැනුම්දී තිබෙනවා.

 පාකිස්තානයේදේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා. 

 මේ සියලු පියවර ගෙන ඇත්තේ එරටින් මෙම රෝගය සහිත රෝගියෙකු වාර්තා වීමත් සමගයි..