තවත් වසංගත අවදානමක් ලෝකයටම.. භයානක රෝගයක් පැතිරයන ලකුණු..
මේ වන විට අප්‍රිකානු මහද්ද්වීපයේ පැතිරයන අවදානම් සහගත රෝගයක් හේතුවෙන් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා.
මෙය එම්පොක්ස්' වසංගතය ලෙස හැදින්වෙනවා. කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වන අතර ආසාදිත වූ ගණන 14,000කට ආසන්න බවයි වාර්තා වන්නේ. මෙය ආරම්භක අවදියේදි මංකිපොක්ස් ලෙස හැදින්වූණා.
මෙම වසංගතය මේ වන විට රටවල් කිහිපයකින් වාර්තාවී තිබෙනවා.
ඒ බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින්.
මෙම රෝගය බෝවන ආකාරය පැහැදිලි කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම්පොක්ස්' ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බවයි.
මෙම තත්වයේ රෝග ලක්ෂණ ලෙස එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි.
සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන්.
ඒ අනුව මෙම රෝග තත්වය තවත් කොවිඩ් අවදානමක් නොවිය යුතු බව පවසම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ මෙය පාලනය කර ගැනීම සදහා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි.